ගිරි සිරසින් සඳ පායා ගී පද / Giri Sirasin Lyrics
ගිරි සිරසින් සඳ පායා..
කැළුම් ගලයි නෙතු පාරා...
රැයක් උදාවී - දෑත විඩාවී
කම්හල් දොරකඩ වාරු නොමැති වී
නුඹ ඉකිලන හඬ කාට ඇසේදෝ
රුවන් මැදුරු නැත ඈ පැතුවේ
සඳළු තලා ගැන නෑ සිතුවේ
දෑඟිලි තුඩගින් මවනා විස්කම්
තරම් නොවේ නුඹේ මුදු ගත වැහැරේ
නුඹේ වැහැරුණු රුව කාට පෙනේදෝ
සහතික මිටි බැඳ ගෙයි මුල්ලේ
ඩා බිඳු උකසට සින්න වුනේ
කුසුම අහිංක මුකුලිත වන විට
කොයි බඹරින්ඳුද වැලපුම් ගැයුවේ
නුඹ ඉකිලන හඬ කාට ඇසේදෝ
