ගලන ගඟ
Galana Ganga
  • Category : Music Video
  • Year : 2017

  • Vocal

    Ravi
    Jay
    Rap Lyrics

    Ravi
    Jay
    Song

    ගලන ගඟ ගී පද / Galana Ganga Lyrics

    නීල දෑස හා දොඩවන්නම්
    වල්ලු හඩට මම මත්වෙන්නම්
    නීල වරල මා සිපගන්නම්
    හීන මවා මට කතාකරන්
     
    ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
    කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
     
     
    ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
    පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
    මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
    ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
    තුහින වැටි දිලිසෙයි ඝණ අඳුර මත‍
    ඇසට නොපෙනෙ පර්යාන්තෙක
    සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
    බිඳුනා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක්
    කැළඹිලා සම්මාදිට්ඨිය අද මගෙ නතරවෙලා ඔයාගෙ නෙතුමුල
    මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද
    ඝන්ද කුටියෙන් හිමිට බැස ශීලය පසෙක දමා
    වින්දා නැසෙන රූපයක සොබා
    එතෙරවෙන්න මං ගිය සසරමග පෙරට
    ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
     
    පර්යාන්තෙක -ඉමක් කොනක් නොපෙනෙන
    ඝන්ද කුටිය - භාවනා කරන්නාගේ ස්ථානය
    සම්මාදිට්ඨිය - නිවැරැදි දැක්ම

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS