ඒක දිග කතාවක්
Eka Diga Kathawak
  • Year : 2022

  • Music

    D
    Mass
    Song

    ඒක දිග කතාවක් ගී පද / Eka Diga Kathawak Lyrics

    සතුටින් නේද කීවේ  මාව හැර යන්නම් කියා 
    පියඹා යන්න පුළුවන් ඔන්න සීමා නෑ තියා 
    දරාගන්න බැරිවූ ප්‍රේමේ 
    දෝරේ යන්න දෙමු සංසාරේ 
    ඒක දිග කතාවක් ..
    නුඹ දන්නැති 
     
    පේනා තැන් වල ඇතී 
    නොදකින දේවල් 
    ඉක්මන් තීරණ නොදී 
    තේරුම්ගමු ඒ දේවල් 
     
    ජිවිතේ සමහර තැන්වල 
    අපිටත් හොරෙන්ම ...
    කැමති දේවල් අකමැත්තෙන් 
    වෙයි අත් හරින්න 
    එකම හීනෙක ආයෙම අපි 
    යලි මුණ ගැහෙන්න 
    තනිව යන සංසාරේ මග 
    තව දුර නොවන්න 
     
    පේනා තැන්වල ඇතී 
    නොදකින දේවල් 
    ඉක්මන් තීරණ නොදී 
    තේරුම් ගමු ඒ දේවල් 
     
    කියා දෙන්න හිතේ තිබුණ ආදරේ තරම් මගේ 
    ඉන්න තිබුණා නුඹට මා ගාවින් මේ භවේ 

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS