දුටු මොහොතේ
Dutu Mohothe

Song

දුටු මොහොතේ ගී පද / Dutu Mohothe Lyrics

දුටු මොහොතේ ඉඟි කල ආදරේ
මද අඳුරේ හමු වුණ පාළුවේ
මාගේ මාගේ වේවා ඔබගේ දෑසේ සේයා
ළඳුනේ චන්දනියේ
 
උතුරනවා සෙනෙහස පේනවා
මටම කියා හසකැන් ගේනවා
සීතේ මා හා ළංවී ජීවිත ගීතේ හැංගී
හිඳිනු චන්දනියේ
 
ඔබ ගැන හිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්දා හද ළතවෙනවා
දිවිය පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා
ළඳුනේ සැමදා අපි වෙන්වෙනවා
හමුවෙනවා වෙන්වෙනවා
 
මට හමුවූ මල් කැකුළයි ඔයා
ඔබ සැනසූ බඹරිඳු මං තමා
ජීවිත ගීතේ හැංගී සීතේ මා හා ළංවී
හිඳිනු චන්දනියේ
 
ඔබ ගැන හිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්දා හද ළතවෙනවා
දිවිය පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා
ළඳුනේ සැමදා අපි වෙන්වෙනවා
හමුවෙනවා වෙන්වෙනවා
 
ඔබ ගැන හිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්දා හද ළතවෙනවා
දිවිය පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා ////

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS