දුර ඈත තුරු වදුලේ
Dura Atha Thuru Wadule

Song

දුර ඈත තුරු වදුලේ ගී පද / Dura Atha Thuru Wadule Lyrics

දුර ඈත තුරු වදුලේ කටු අකුලේ
පිපි නිදිකුම්බා මල් කැකුළ ඔබයි...
මඳහස මුව මඬලේ නෙතු සඟලේ
නිති තනි රකිනා පිනි කඳුළ මමයි...
 
 මුළු සසර පුරා සිසිලස තවරා
 දිවි ගිමන නිවන මඳ පවන ඔබයි...
 හද විමන අරා සෙනෙහස අතුරා
 එහි නිබඳ රඳන මල් සුවඳ මමයි...
 
ඇස කඳුළු සලා හිස ගිනි අවුලා
හිත නැඟෙන බිඳෙන දුක් සුසුම ඔබයි...
නිති සිනා සලා දිවි ගෙවන තුරා
ඔබ සිතන පතන පිළිසරණ මමයි...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS