දොර කවුළු විවර කරන අරුණ උදයේ ගී පද / Dora Kawulu Wiwara Karana Arunu Udaye Lyrics
දොර කවුළු විවර කරන අරුණ උදයේ
සීතල සුලඟ ඔබේ සුවඳ රැගෙන හමාවා
නිදියහන දෙනෙත නිසළ කරන මොහොතේ
රෑ ඝන අඳුර ඔබේ සිහින මසිත සදාවා
දොර කවුළු විවර කරන අරුණ උදයේ
හද පෑරී රුදුම් දිදී තෙමා වැටෙන විට සළුපිළි
විෂ හීසර පහර වැදී දවා නැගෙන විට සෝගිනි
සීත ගගුළක් වී මා දොවමින් ගලාවා
දොර කවුළු විවර කරන අරුණ උදයේ …
බියකරු දිවි සටන් බිමේ පිළිරැව් දෙනවිට රණගොස
තනිවී දිවි සොහොන් බිමේ මළපොත ගෙන පෙරළන විට
මාල ගිරවෙකු වී මා නිවමින් ගයාවා
දොර කවුළු විවර කරන අරුණ උදයේ …
