දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ ගී පද / Domba mal kalawe Lyrics
දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ
දොඹ මල් කැලෑවේ..
රෑ පිණි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
දුක් දොරකඩින් හෙට දිනේ
දොඹ මල් කැලෑවේ..
කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරිතලා
පෑ තුන් සඳක් නිසරු අහසේ පිපේවා
කටු වැට උඩින් පායලා
දොඹ මල් කැලෑවේ..
