දියාළුවෝ ගී පද / Diyaluwo Lyrics
දියාළුවෝ වේලි තනා ඇල පුරවා දිය හරවා
රන්වන් රන් වියැට වලින් අටු පුරවා නම්
රුක් වඩුවෝ ලී කපලා යතු ගාලා හැඩ ගහලා
මල්කම් ලියකම් ඇඳ පුටු රුවට තනානම්
ලෝකුරුවෝ ගිනියම් කොට යකඩ තලා පණ පොවලා
මුවහත ඇති අවි ආයුධ නිම කරවා නම්
සසර පුරා සරන තුරා දුවන පනින දඟලන හිත
දමනය කර සුවපත් වෙයි නුවණක් ඇත්නම්
