දවසක් පැල නැති හේනේDawasak Pala Nathi Hene
දවසක් පැල නැති හේනේ ගී පද / Dawasak Pala Nathi Hene Lyrics
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ
නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ
කොළඹ අහස කළු කරගෙන
මූදු හුළඟ අඹලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එන තුරු ඉදිකඩ ලඟ
ඉන්නවාද අම්මේ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS