දරු දුක උහුලා ගී පද / Daru Duka Uhula Lyrics
දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පුඡා .... පුඡා වේවා .....
මහමෙර වැනි බර
සිතින් උහුලනා
කදුළැලි සමුදුර
නෙතින් සගවනා
දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූඡා .... පූඡා වේවා .....
මව් ඇති දාටත්
සෙනෙහස පුදනා
මව් නැති දාටත්
තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු
දරුවන් රකිනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූඡා .... පූඡා වේවා ...
