දම්පාටින් ලා සද බැස යනවා ගී පද / Dam patin la sanda besa yanawa Lyrics
දම්පාටින් ලා සඳ බැස යනවා
අකාසේ රන් වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි...
රන් පටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නැගෙයි
දෑසට ලංව බලන් මේ මොහොතේ
ගොළුවී ඉන්නේ මං
සෙවනැලි නොමැකේ නම්
එලිය කළු නොවේ නම්..//
බිත්ති පුරා ඔබෙ
සෙවනැලි ඇන්දේ
තනිය මකා ගන්නයි - එනතුරු
සොයා මගේ සෙනෙහස මතුදා..
දම්පාටින් ලා...//
රෑ කල දිගුවේ නම්
ලා සඳ නොමැකේ නම්..//
නෙළුම් පතක රැදි පිණිබිදුවක් සේ
ලමැද තලා යනහනේ ඉන්නම්
පමාවෙලා හිරු නැගෙන තුරා..
දම්පාටින් ලා...//
