කොන්ක්‍රීට් වනන්තරේ
Concreet Wananthare
  • Category : Film Song

  • Song

    කොන්ක්‍රීට් වනන්තරේ ගී පද / Concreet Wananthare Lyrics

    කොන්ක්රීට් වනන්තරේ මිරිඟු සර්පයා
     
    තහනම් ගෙඩියකට රැවටිලා..
    කාන්දමට ඉබේ ඇදෙන බඹර වර්ගයා
    මලක් නුදුටු උන් වාගේ දැලේ පැටළුනා...
     
     
     
    හිරි හරීවි හිතේ ළඟින පෙම් ආතුරයෝ
     
    විරිත්තාවී රත්වීලා...
    ගල් ගැහේවී සීල රකින ශාන්තුවරයෝ
    ඉඟි මරාවී මත්වීලා...
    දපනේ වැටෙන බැල්මෙන්..
    දිගටි නයන කැල්මෙන්..
    ලොවම මඟුල් සක්වලක් කළා..
     
     
    කොන්කිරීට් වනන්තරේ මිරිඟු සර්පයා
     
    තහනම් ගෙඩියකට රැවටිලා..
    කාන්දමට ඉබේ ඇදෙන බඹර වර්ගයා
    මලක් නුදුටු උන් වාගේ දැලේ පැටළුනා...
     
     
     
    ලුහු බඳීවී කරබාගත් හස්තිරාජයෝ
     
    දිෂ්ටිධාරී ලොල්වීලා...
    ලුහු බඳීවී ගුණයහපත් බෘංගරාජයෝ
    පරලවෙවී හෙල්ලීලා
    මායම් හැට හතරෙන්..
    ලෙළදෙන ලැසි ගමනින්..
    ලොවම මඟුල් සක්වලක් කළා
     
     
    කොන්ක්රීට් වනන්තරේ මිරිඟු සර්පයා
     
    තහනම් ගෙඩියකට රැවටිලා..
    කාන්දමට ඉබේ ඇදෙන බඹර වර්ගයා
    මලක් නුදුටු උන් වාගේ දැලේ පැටළුනා...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS