චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන්
Chandra Madulu Yata

Song

චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන් ගී පද / Chandra Madulu Yata Lyrics

චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන් 
දූ සනසන්නට ගීත ගයනවලු 
දුවේ එපා ඒ කතා අහන්නට 
මේ නැළවිලි ගී මමයි කියන්නේ 
 
රන් තැටියට කිරි පැණි පුරවාගෙන 
හඳහාමි දූ බලන්න එනවලු 
දුවේ එපා ඒ කතා අහන්නට 
හඳහාමි කෙළෙසද මෙහි එන්නේ 
 
කිරි මුට්ටිය නූඹෙ ගඟේ ගියාලු 
ගඟට උඩින් කිරි කොක්කු ගියාලු 
දුවේ එපා ඒ කතා අහන්නට 
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ 
 
දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරෙගන බිල්ලෙක් එනවලු
වීර දුවේ මා බිය නොම වන්නේ
සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS