බුදුනි ජේසුනි ගී පද / Buduni Jesuni Lyrics
බුදුනී ජේසුනී නබි නායකතුමනී
නොමිනිසුන් හට මිනිසත්කම දුන මැනවී
මිනිසුන්හට ප්‍රඥාව දුන මැනවී
ප්‍රඥාවන්තයින් සිංහාසනාරූඪ කළ මැනවී.
අයුක්තියේ ඝන ශිලා තලා බිඳ
විමුක්තියේ ජල ධාරා මුදා හරිනු මැනවී
සිංහ වෙසින් එන සිතා ලයින්
වනසා ලනු මැනවී
මිථ්‍යාවේ කළු වලා කඩා හැර
විද්‍යාවේ නව රේඛා උදා කරනු මැනවී
බැටළු වෙසින් එන ව්‍යාඝ්‍රයින් හඳුනා දුන මැනවී
