බුදු කරුණා දෑස තෙමීBudu Karuna Desa Themi
බුදු කරුණා දෑස තෙමී ගී පද / Budu Karuna Desa Themi Lyrics
බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැලි ඇද හැලුණා
නිවා තාප ලෝ කතරේ
අමා වතුර ගලා බසී
බුදු කරුණා දෑස තෙමී
කඳු වැටිවල නිසොල්මනේ
ගහ කොළ මල් පිපී නටයි
නැවුම් පොළොව නව නිල්ලේ
බුදු සිරිපා පහස ලබයි
බුදු කරුණා දෑස තෙමී
කෙළෙස් මලින් උකටලි සිත
නිවා තවන සුවය සොයයි
නිසල ඔබේ බුදු රුව ළඟ
මගෙ හද භාවනා කරයි..

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS