බෝමැඩ වගුරන කිරි කළ ගී පද / Bo meda wagurana Lyrics
බෝමැඩ වගුරන කිරි කළ දහසින්
වැළිමළුවේ කිරි දියර ගලා යයි…
ඉන් එක කිරි කඳුළක් පින්වතුනේ
කිරට අඬන මගෙ බිළිඳුට දුන මැන…
පූජාසනයේ කුහුඹු පිරිස මැද
පිළුණු වෙමින් යයි සුරස බොජුන්…
අහරට යදිනා පැල්පත් යායට
ඉන් බත් පිඬුවක් වීසි කරනු මැන...
ගිනි මද්දහනේ දැවී නිවී යයි
අගිල් කපුරු දුම් සුවඳ ගිතෙල්…
දවනා මුදළින් පින්වත් ජනයිනි
දැවෙනා මිනිසෙක් සුවපත් කළමැන…
