බිරිඳ මගේ ඔබ ගී පද / Birida Mage Oba Lyrics
බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ නොවේ..
ඔබගේ බිරිඳ නොවේ....
ඔබ පෙම් කල අය
ඔබට ලැබී නැත
මා පෙම් කල අය
මටද ලැබී නැත...//
මව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑඟිලි පමණක් එකට බැඳී ඇත
දෑඟිලි පමණක් එකට බැඳී ඇත
බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිඳ නොවේ
සිරුරින් එක තැන
හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි
එකම වහලයට..//
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද..
අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද..
බිරිඳ මගේ ඔබ....
