බිංදු බිංදු තාරකා
Bindu Bindu Tharaka

Music

H
M
Song

බිංදු බිංදු තාරකා ගී පද / Bindu Bindu Tharaka Lyrics

බිංදු බිංදු තාරකා කඳුලු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනැහුණා ‍රැයේ
සුබපැතුම් අගාධයේ ගීතිකා ඇසේ
අහිමි වූ ආදරේ රත්පියුම් පිපේ
බිංදු බිංදු තාරකා කඳුලු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනැහුණා ‍රැයේ
 
 
 
තනිවී ගිම්හානයේ වැළපේ කොවුලා වනේ..
 
තනිවී ගිම්හානයේ වැළපේ කොවුලා වනේ..
සඳ මත ආදරයේ සෑය මැවේ
වියැකී බඹර ගීත මලක රොන් දැනේ
 
බිංදු බිංදු තාරකා කඳුලු මල් විලේ
 
උමතු වී සඳයි ඔබයි හිනැහුණා ‍රැයේ
 
 
 
විෂ මදු පුරවා විතේ ගෙනදී දෝතින් ඔබේ..
 
විෂ මදු පුරවා විතේ ගෙනදී දෝතින් ඔබේ..
මා හද සෑය දවා දෑස නිවා
නන්වනු මන්දහාස මියෙන මා නෙතේ
 
බිංදු බිංදු තාරකා කඳුලු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනැහුණා ‍රැයේ
සුබපැතුම් අගාධයේ ගීතිකා ඇසේ
අහිමි වූ ආදරේ රත්පියුම් පිපේ
බිංදු බිංදු තාරකා කඳුලු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනැහුණා ‍රැයේ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS