බිඳුණු පෙම් හද නිවාලන්නට ගී පද / Bidunu Pem Hada Lyrics
බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුළ නුඹ ආ දා...
අඳුර රජයන හුදකලා සිත
නුඹට පෙම් බැන්දා
සරාගික වූ නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ ....//
නිමා වූ සිහිවටන පමණකි
දෙනෙත් දෑලේ ඉදිවුණේ
කඳුළ නුඹ පිපුණා
දැවී ගිනිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුණා
බිඳුණු පෙම්....
ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ ...//
දිනෙක ඇය මා අමුත්තන් සේ
යළිත් හමුවේවී
කඳුළ නුඹ නාඬන්
දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුළ නුඹ නාඬන්
බිඳුණු පෙම් ....
