බඹරිඳු බඹරිඳු ගී පද / Bambarindu Bambarindu Lyrics
බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ
වනමල් කැකුලිය සොයා වඩින්නේ
වනමල් කැකුලිය කුමට සොයන්නේ
ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්න......
සැඟවුණු රස මදිරා තුඩ ගාවා
පෙම් මකරන්දය මුළු වත නාවා
බඹර කුසුම් හදවත් යුග යාවා
දෙමිය පියුම් ලොව හැම රස පාවා....
අන් මලකට මකරන්දය ගාවා
ඔබෙන් ගෙනා බව මලට නොකීවා
අප පෙම එ මලින් මල් පල වේවා
ලස්සන ලස්සන මල් සුපිපේවා....
බඹරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
මලක් නොලත් ගස නැහැ පල දෙන්නේ
ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ
මෙත් ගුණ නැති රළු කතරක් වන්නේ.....
