බලා එන්ට මහ පෙරහැර
Bala Enta Maha Perahara

Music

M
R
Song

බලා එන්ට මහ පෙරහැර ගී පද / Bala Enta Maha Perahara Lyrics

බලා එන්ට මහ පෙරහැර සිදාදියට මං ගිය කල 
පෙරළා එන්නට නොහැකිව පාර වැරදුණී
සෙයිලමේ බඹර පිරිවර උදව්වට ඇවිත් කළ වින
කියන්නට ගියේ දෙවොලට ගයා යාදීනී.....
 
ගොහින් මව්පියන් සමගින් වැටී අඩ දණින් බැතියෙන්
වදින කල දෙවොල හිස මත කැඩී පෙරළුනී
දෙව් වරම් පතා ‍ලසොවින තිරෙන් මුවාවට ගිය කල
අනේ දෙවිදු පාමුල ඉන සළුව ගිලිහුණී....
 
වෙලේ කඩපිලේ අගුවල දොලේ තොටුපලේ බැදිවල
පැලේ වැඩපොලේ ඇවිලෙයි රාග ලැව්ගිණී
කඩා තනමඩල සරොසින ගසා ගිණිගැණුනු පුරවර
දවා ලනු මෙපුර සැණෙකින සිද්ධ පත්තිනී....

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS