අරුණාලෝකය අතරේ
Arunalokaya Athare

Music

H
M
Song

අරුණාලෝකය අතරේ ගී පද / Arunalokaya Athare Lyrics

අරුණාලෝකය අතරේ
අද නව ලෝකය ඉදි වේ...
තෙරුවන් සරණින් දෙව් රැකවරණින්
ජයගොස දසදෙස පැතිරේ...
 
මනුලොව මිනිසත් බව ලැබ ගන්නේ
හදගැබ නොමිනිස් ගති දුරලන්නයි...
සිරුරේ ලෝහිත ගඟක් ගලන්නේ
ජීවිතයේ දිගු විජය ලබන්නයි...
 
ලොව විනිවිද යන නැණැස් ලබන්නේ
සඳ නොව තරු නොව හිරු ජය ගන්නයි...
සොඳුරු මහරු පොළොවක උපදින්නේ
ඒ පොළොවෙන් මුළු ලොව ජයගන්නයි...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS