අරලිය ලන්දට
Araliya Landata

Song

අරලිය ලන්දට ගී පද / Araliya Landata Lyrics

අරලිය ලන්දට සඳ පායන කොට
තුරුලිය මල් වට බඹරු බමන විට
සිය සිය දහසට ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා එතකොට
ගී පද ලියැවෙනවා...
 
රඹ වන් හේනේ කරල් පැසෙන කොට
අඹ මල් ගානේ ගිරව් හඬන විට
දොඹ තුරු මානේ සෙවන දකින මට
ඔබ ගැන සිහිවෙනවා එතකොට
සිතිවිලි ඉඟිලෙනවා...
 
දඬු වැල් බෑ මී සුවඳ දැනෙන කොට
පඬුවන් අහසේ තරු පායන විට
හැඬුමට නොහැකිව දෙ ඇස වසන මට
ඔබ ගැන සිහිවෙනවා එතකොට
සිහිනය උපදිනවා...
 

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS