අන්න බලන් දෙවියෝ ගී පද / Anna Balan Dewiyo Lyrics
අන්න බලන් දෙවියෝ දෙවියන්ගෙත් දෙවියෝ
සෙත් සලසනමුත් දුක් ගැහැටම ලත්
දෙවොලක් නැති දෙවියෝ..
සදාහරිත කර මුළු මිහිමඬලම සෙවණ සදන දෙවියෝ
මුව වගවළසුන් ගිජිදුන් විහඟුන් රැකවල් ළන දෙවියෝ...
කියතෙන් ගෙළ සිඳ ලේ සෙලවූවයි තරහක් නැති දෙවියෝ...
නිසි කල වැසිදී පින් පෙත් නොලබන අවිහිංසක දෙවියෝ...
