අම්මි රොරොයි
Ammi roroi
  • Category : Music Video

  • Song

    අම්මි රොරොයි ගී පද / Ammi roroi Lyrics

    [අම්මි රොරොයි
    රොයි රෝ රෝ 
    රොයි කැකුළී
    රොයි රෝරෝ ]///
     
    ඇට මාලේ කන් තෝඩු
    වැල් පබළු විසිරේදෝ
    මේ නයි පනික්කියො
    රැහේ ළමිස්සියො 
    ප්‍රේමාලේ බැන්දම වැරදියි 
    තහනම් වූ අාලෙට 
    කරකාර බන්දන 
    දෑවැද්ද වයිරොඩි නැතිලූ
     
    අයියණ්ඩි අැහුණාදෝ 
    මේ කඳුළු මිළ නැතිලූ
    අසෝකමාලා නෑනෝ
    නුඹෙ අාලෙ එහෙනම් හරිදෝ 
     
    ඇටමාලේ කන්තෝඩු 
    වැල් පබළු විසිරේදෝ
     
    පුරපෝය දහකදි 
    වෑ කණ්ඩි වතුරක
    වන මැද්දේ අාලේ වැරදියි
    රවිකිඤ්ඤා ගහගෙන 
    හිඟමන් ඉල්ලා ගෙන
    සංසාර වීදියේ යමුනේ 
     
    අම්මි රොරොයි
    රොයි රෝ රෝ 
    රොයි කැකුලී 
    රොයි රෝ රෝ 
     
    අසෝකමාලා නෑනෝ
    නුඹ අාලේ යුද්දේ 
    දිනුවාදෝ 
     
    අම්මි රොරොයි රොයි රෝරෝ
    රොයි කැකුළී රොයි රෝරෝ
     
    තල් අත්ත යට
    පාළු මහ රෑ
    නාඬන්න අයියණ්ඩි හූල්ලා
    කෝ පුල්ලෙයාර් සාමි සාමි
    තේවානි අම්මා කොයිදෝ
    අසෝකමාලා නෑනෝ
    කෝ පුල්ලෙයාර් සාමි සාමි
     
    අසෝකමාලා නෑනෝ 
    නුඹ ආලෙ යුද්දෙ දිනුවදෝ
    අසෝකමාලා නෑනෝ
    නුඹ ආලෙ එහෙනම් හරිදෝ
     
    අම්මි රොරොයි රොයි රෝරෝ
    රොයි කැකුළී රොයි රෝරෝ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS