අම්මේ නුබේ ඇස් ගී පද / Amme nube as Lyrics
අම්මේ නුඹෙ ඇස් පියවුණු දා සිට
කව්රුද මට පැන් උගුරක් දෙන්නේ
අම්මේ නුඹ ලොව නැති වුණු කාලෙට
කව්රුද මගෙ දුක සැප විමසන්නේ
තනි යහනේ මා නිදාසිටින විට
මගේ හිතේ ඇති පාළුව නුඹ දුටුවා
තව කල් දිවි මග තනිව නොයන ලෙස
කියමින් රහසින් ඔබ ඉකි බිඳ හැඬුවා
අම්මේ නුඹෙ ඇස්................
මගේ විසල් වී මගේ බිරිඳ හිමි මා
සැනසීමයි නුඹ ලබනා සහනේ
මුණුපුරු මිණිපිරියන් වට කරගෙන
ගී මිමිණීමයි නුඹේ ලොකුම සිහිනේ
අම්මේ නුඹෙ ඇස්..............
