අමාදහර දිය ගලා ගලා
Ama Dahara Diya Gala Gala

SongKarokeCover

අමාදහර දිය ගලා ගලා ගී පද / Ama Dahara Diya Gala Gala Lyrics

අමා දහර දිය ගලා ගාලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා
අමා දහර දිය ගලා ගාලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
 
සැපෙහී කිමිදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා //
දහම් සුවඳ මල් දසතම පතුරා
සියළු කෙලෙස් මැඬ බුදු වූවා
සියළු කෙලෙස් මැඬ බුදු වූවා
 
අමා දහර දිය ගලා ගාලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
 
ජීවිතයේ ඇති නොනිමි අතිර බව
ලොවට පැතුරු කරුණාවේ අම ගුණ //
සියලු සතුන් වෙත දහම් රස පෙවූ
කරුණාබර නෙත් නිවී ගියා
කරුණාබර නෙත් නිවී ගියා
 
අමා දහර දිය ගලා ගාලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS