අල්ලට ශිල්ප සිගා සරසවි පාරේ ගී පද / Allata Shilpa Lyrics
අල්ලට ශිල්ප සිගා සරසවි පාරේ
වල්කොල අතුට නිදා බෝඩින් යහනේ
හොදටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ
පාළුයි සිහින විමානේ //
සූ සැට ශිල්ප කලා සල් පිලකට නෙගැනේ
හඳ එලියෙන් කිසිදා ලිප ගිණිදැල් නොනැගේ
සත් රුවණින් වැසි වස්සන මන්තර ගුරුකම් හුරුකල
කොම්පියුටර් නොදැනේ //
අල්ලට ශිල්ප සිගා සරසවි පාරේ .....
ඡන්දෙට පැල් රැක්කා ගිණි තැප්පට සරියේ
මවු පිය කඳුළු වැටී සහතිකපත් මැකුණේ
රණ් අකුරින් නම ලියවුනු රණ් කැටි පුතුනට පමණයි
සිංහාසන සැදුනේ //
අල්ලට ශිල්ප සිගා සරසවි පාරේ .....
