අකුරු සතර කරන පුතුට ගී පද / Akuru Sathara Karana Puthuta Lyrics
අකුරු සතර කරන පුතුට සඳ දෙවියෝ රැස් හෙළූහ.
රෑ තනියට ලඟ ඉන්නට සිය තරු දරුවන් එවූහ.
හිරු දෙවියෝ සුළඟ වෙසින් ආසිරි චාමර සැළූහ.
අකුරු සතර දත් පුතු ලඟ ගණ දෙවියෝ මල් පිදූහ.
මගෙ දියණිය මලකි බඹරු එ මල වටා ගී ගැයූහ.
රොන් ගන්නට බැරිවූ තැන මගෙ මල ගැන පද හැදූහ.
වම් පියයුර ගඩා ගසා බඹර නුවර ගිනි ලැවූහ.
පත්තිනි දෙවියෝ ඇවිදින් දුවගෙ නමට මල් පිදූහ.
සතුරු සෙනග දුටු මනතින් බියසුල්ලෝ පැන දිවූහ.
බාරහාර වී තැන තැන රහසේ කටමැත දෙඩූහ.
විරු දරුවෝ ගෙන අසිපත් රුපු සේනා පොලු ගැසූහ.
කඳ දෙවියෝ රණබිම් වැද බල සෙනඟට මල් පිදූහ.
