අක්කේ අක්කේ අර බලන්නකෝ
Akke Akke Ara Balannako

ORIGINAL SONG INFO
  • Vocal : Suriya Sekara
  • Vocal : T T Leelawathi
  • Lyrics : Ananda Samarakoon
  • Music : Ananda Samarakoon

  • SongOriginal Song

    අක්කේ අක්කේ අර බලන්නකෝ ගී පද / Akke Akke Ara Balannako Lyrics

    අක්කේ අක්කේ අර බලන්නකෝ
    වැස්සක් නොවැ එන්නේ
    හෝ හෝ හෝ ගාගෙන එන්නේ
    ගස් ගල් පෙරලෙන්නේ
     
    සුලන් තදයි
    විදුලියද කොටයි
    හෙන හඬ පැතිරෙයි
    මහ වලාකුලක් මේ එන්නේ
     
    අක්කේ වී පැදුරත් මිදුලේ
    අකුලා ගෙට ගන්නේ ...//
    අම්මත් අර නාගෙන එන්නේ ...//
    මල්ලි තවම කුඹුරේ...//
     
    සුලන් තදයි .....
     
    නංගි සුදෝ මගෙ අඬන්නෙපා
    අම්ම හනික දැන් එයි...//
    බිල්ලො නොවේ ඔය ගොරවන්නේ...//
    අහසේ හෙන නාදේ...//
     
    සුලන් තදයි .....
     
    අක්කෙ දර ටික ගෙට ගනිමු
    වැහි පොද වැටෙනවනේ...//
    වතුරත් ඉවරයි කල ගෙඩියේ...//
    හනික ලිඳට යමුකෝ...//
     
    සුලන් තදයි.....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS