අයියන්ඩියේ පොඩි දා සිට අපි දෙන්නා
Aiyandiye Podi Da Sita

Song

අයියන්ඩියේ පොඩි දා සිට අපි දෙන්නා ගී පද / Aiyandiye Podi Da Sita Lyrics

අයියණ්ඩියේ පොඩි දා සිට අපි දෙන්නා
එක වහලක් යට වැලි කෙළිමින් උන්නා
එක කුස උන් සුවඳින් සෙනෙහස වැඩුනා
කිරි එරුනා සේ නුඹ මා වෙත බැඳුනා...
 
නුඹ පසු බැස්සේ මට ජය ගෙන දෙන්නයි
දර දිය ඇද්දේ මට බත සපයන්නයි
කුසගිනි දැරුවේ මා කුස පුරවන්නයි
වැරහැලි ඇන්දේ මට පිරුවට දෙන්නයි...
 
සොයුරන් ඇත ලොව මවුවරු පියවරු වන්
දුක සැප හමුවේ බිතු සිතුවම් රූ මෙන්
පෙම් කවි ගොතනා කිවි‍යරුනේ සුපසන්
සොහොයුරු පෙම ගැන නව කව් ගී පවසන්...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS