ඇහෙනවද ගැහෙන හදවත මගේ ගී පද / Ahenawada Gahena Hadawatha Mage Lyrics
හමන සුලඟක් කීවා
පුවත අපි වෙන්වෙනා
නුඹට නෑ තව සීමා
අපිට අපි දුර නිසා
හෙට තනි වී ආයෙම – ආ ගිය පාරෙම
ඇවිදන් යන්නම් – මන් තනියෙන්
කවුරුත් නැතිදා – සඳ එලියෙන්
ම්ම්ම්
ඇහෙනවද ගැහෙන හදවත මගේ
දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ…//
ලඟින් හිඳ ගෙවුන කාලයේ
නුඹෙන් මා සෙව්ව ආදරේ
මගේ නොවේද මට කියන්න
දුක නිවෙන්න හදවතේ
මා හා රැදෙන්න දුරින් මේ භවේ…
ඇහෙනවද ගැහෙන හදවත මගේ…///
