අදටයි මගේ මේ ගී
Adatai Mage Me Gee

Song

අදටයි මගේ මේ ගී ගී පද / Adatai Mage Me Gee Lyrics

අදටයි මගේ මේ ගී අදටයි...
 
හෙට උදෑසන හිරු උදාවත එපා නම් මේ ගී
 
පිළිකෙව් කරන් කෙවිටෙන් තළා අවමන් කරන්
 
පිටමං කරන් මනසින් අදටයි මගේ මේ ගී අදටයි...
 
 
 
සදළුතළයක ගැටී බිඳුණි නම් ඉන් අඩක්...
 
සතුරු කඳවුරු පෙනී නැඟුනි නම් එක් අතක්...
 
අයුක්තිය ගිණි වැදී මැවුණි නම් දුම් කඳුක්...
 
එ පමණයි මගෙ පැතුම මගේ ගී සරණියෙන් මා ප්‍රාර්ථනා කරනා…
 
අදටයි මගේ මේ ගී අදටයි...
 
 
 
නිදන නෙතු මත හැපී අවදි වුණි නම් ඇසක්…
 
අරුත් සුන් දිවි මඟට වැටුණි නම් එළි තිතක්...
 
දැවෙන පපුවක වෙළී දැනුණි නම් සිසිලසක්...
 
එ පමණයි මගෙ පැතුම මගේ ගී සරණියෙන් මා ප්‍රාර්ථනා කරනා…
 
අදටයි මගේ මේ ගී අදටයි...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS