ආඬි ලිං වලින් උණන්නෙ වතුර නෙවෙයි ලේ.... ගී පද / Aandi Lin walin Lyrics
ආඬි ලිං වලින් උණන්නෙ වතුර නෙවෙයි ලේ....
නාඹර තල් ගෙඩිවල තද රත අඳින්නෙ ලේ....
මිරිස් කරල් මෝරනවිට පාට දෙන්නෙ ලේ....
නළලේ රතු තිළක වලට රත ගෙනෙන්නෙ ලේ....
ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියවු
අපට කැමති කෝවිළකට යන්ට ඉඩ දියවු
දරු පැටවුන් සමඟ සිනාසෙන්ට ඉඩ දියවු
අපට නිදහසේ දොඩන්ට, ඉන්ට ඉඩ දියවු
දිනා ගන්ට දේ එමටයි දනිමු එය බොලවු
අහිමි ලොව දිනන නිවැරදි මඟ සොයා බලවු
අපේ තුරුණු ලේ කඳ වැලි කතර මත නොලවු
අමු සොහොනක කිරුලු දරා පළක් වෙද බොලවු........
