ආන් නගේ සල් අත්තේ පාන්කිරිත්තා ගී පද / Aan Nage Sal Atte Lyrics
ආන් නගේ සල් අත්තේ පාන් කිරිත්තා..
මේන් බලාපන් හනිකට අඬා පනින්නා..
හිතම අමුතු වුනා නගේ ඌ තනි හිංදා..
නගේ ඌ තනි හිංදා..
අයියන්ඩී ඉගිලුනාද පාන්කිරිත්තා..
ආන් අතන සල් මල උඩ බඹරපොඩිත්තා..
අමුතු වුනේ හිත අහවල් දේටද මන්දා..
අහවල් දේටද මන්දා..
රෑන් ඇදී ඇල ඉවුරේ කොක්කු නැගෙන්නේ
රටා පුරන සෙවනැලි පෙළ දියේ ඇගෙන්නේ
හීන් නගා හෙට මන් යන පාර බලන්නා
හිරු දෙවියෝ ඉර සේවෙට ඒවිද මන්දා
ආන් නගේ සල් අත්තේ පාන් කිරිත්තා..
පාන් කිරිත්තා...
මිදුල පුරා ඔලිද වැලේ ඇට ඉහිරෙනවා..
කඳුලු බිංදු වෙනුවට මම ඔලිද ගණිනවා...
කොළොම්පුරේ හැන්දෑවට ඉර රට යනවා..
නුඹ සිහි වී හිත එතකොට ගම රට යනවා
ආන් නගේ සල් අත්තේ පාන් කිරිත්තා..
මේන් බලාපන් හනිකට අඬා පනින්නා
හිතම අමුතු වුනා නගේ ඌ තනි හිංදා..
නගේ ඌ තනි හිංදා..
අයියන්ඩී ඉගිලුනාද පාන්කිරිත්තා...
ආන් අතන සල් මල උඩ බඹර පොඩිත්තා..
අමුතු වුනේ හිත අහවල් දේටද මන්දා
අහවල් දේටද මන්දා...
