ආලයේ ගාථා
Aalaye Gatha

Song

ආලයේ ගාථා ගී පද / Aalaye Gatha Lyrics

ආලයේ මන්ත්‍ර – සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නය ට නිගා දී ඔබ ගියා…
 
ස්නේහයේ චුම්බනය – නලල මත වගුරුවා
 
ආලිංගනය සුරස – මතක පොත පුරව්වා
ප්‍රේම ආරාමයේ – කැනි මඩළ බිම හෙලා
සාර තර වසන්තය – නිමා කර ඔබ ගියා…
 
සුපුෂ්පිත හදවතේ – සුගන්ධය විහිදුවා
 
සුරක්ෂිත දොරටුවේ – සෙබළ මුළු විසුරුවා
ප්‍රේමයේ…….අභය භුමියේ දි මා නසා
මධුර මධු කුසලාන – කඩා බිඳ ඔබ ගියා…
 
ආලයේ ගාථා – සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර – සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නය ට නිගා දී ඔබ ගියා…

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS