හඳ අල්ලන්න ආස ගමන
හඳ අල්ලන්න ආස ගමන
  • Category : Music Video
  • Year : 2020

  • Vocal

    WAYO
    Music

    WAYO
    Lyrics

    Methun
    SK
    Song

    හඳ අල්ලන්න ආස ගමන ගී පද / හඳ අල්ලන්න ආස ගමන Lyrics

    කඳුලු තිබුනාද මාවතේ
    රුදුරු හන්දාම ජීවිතේ
    වතුර හෙව්වාද හාමතේ 
    පැදුරු නැති රෑක නිදිමතේ
    අපි පාවෙන ලෝකේ, ඇවිදින චාරිකාවේ
    දවසක පාවේදෝ අහසේ
    හඳ අල්ලන්න ආස ගමනේ
     
    පුරන් වූ දාක ආදරේ තුරන් වූවාද ජීවිතේ
    පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුනාද හදවතේ
    අපි පාවෙන ලෝකේ, ඇවිදින චාරිකාවේ
    දවසක පාවේදෝ අහසේ
    හඳ අල්ලන්න ආස ගමනේ
     
    සතුට හෙව්වාට දසාතේ කඳුලු ආවාද හිතුමතේ
    නොමැති වූ දාක කැමති දේ, අඳුනගත්තාද හිත අපේ
    අපි ආ ගිය පාරේ කෙලවර නෑ පේන මානේ
    දවසක පාවේදො අහසේ 
    හඳ අල්ලන්න ආස ගමනේ
     
    අපි පාවෙන ලෝකේ, ඇවිදින චාරිකාවේ
    දවසක පාවේදෝ අහසේ
    හඳ අල්ලන්න ආස ගමනේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS