තරුමල් යායම
Tharumal Yaayam

Song

තරුමල් යායම ගී පද / Tharumal Yaayam Lyrics

තරු මල් යායම පොඩි කර අහස් විලේ
 
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ
 
 
දුක පැවසුවෙමි අසනා කෙනෙකු නැති
 
පාළු නෑසුවෙමි තනියට කෙනෙක් නැති
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි
තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ
 
 
නුවර උයන් මැද හමුවු ළඳුන් නැතී
 
යටැසින් බැලු නෙත් රහසින් කතා නෑති
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
එකම ලඳක් වෙත පෙම් කළ නිසාවෙනී
තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS