තරුද නිදන මහ රෑ.. නිදමි මහද නිදි නෑ
Tharuda Nidana Maha Ra
  • Lenght : 03:43

  • Song

    තරුද නිදන මහ රෑ.. නිදමි මහද නිදි නෑ ගී පද / Tharuda Nidana Maha Ra Lyrics

    තරුද නිදන මහ රෑ
    නිදමි ම හද නිදි නෑ
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ
     
    පිණි විසිරෙන විට වටහා ගනු මැන
    දෙනෙතින් කඳුළැලි ගලන තරම්
    රෑහි හඬන විට හඳුනා ගනු මැන
    රෑ තුන් යාමේ හඬන හැඩුම්
     
    තරුද නිදන මහ රෑ…
     
    සුළඟ නොවේ මේ පාවී එන්නේ
    කුටියක සිරවී හෙලන සුසුම්
    අතු අග පරවී බිමට වැටෙන්නේ
    සමනළ යුගයක පිපුණු කුසුම්
     
    තරුද නිදන මහ රෑ…

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS