තනමල්විල මල් පිපුණත් තහනම් නීතිය
Thanamalwila Mal Pipunata
  • Lenght : 03:47

  • Song

    තනමල්විල මල් පිපුණත් තහනම් නීතිය ගී පද / Thanamalwila Mal Pipunata Lyrics

    තණමල්විල මල් පිපුණත් තහනම් නීතියට
    ඒ සේරම මල් වල ඇති සුවඳ සිදාදියට
    ඒ මල්විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනියට
    සිත් මල ලංකරන්නෙපා ඇවිලෙන පාපයට
     
    පොල් අතු පැල්පතක හීන රඳා මාලිගයක
    ලෙන්ගතුවී කතා කරයි යන්න දේව ලෝකෙට
    කාසි පනම් පීදුනාට ගිනිගත් ජීවිතයක
    ඇවිද්ද පය විලංගු වෙයි ඔය කහ මල් යායට
     
    තණමල්විල මල් පිපුණත් තහනම් නීතියට
    ඒ සේරම මල් වල ඇති සුවඳ සිදාදියට
    ඒ මල්විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනියට
    සිත් මල ලංකරන්නෙපා ඇවිලෙන පාපයට
     
    අපේ ගමේ සිටුවරයින් යහමින් ඇති අත මිට
    කාසි වලට හාද වෙලා නගරයේ ලොකු උදවිය
    නීතිය තහනම් උනාට තාමත් ඉර හඳ යට
    කොළඹට අරගෙන එනවා තණමල්විල මල් ටික
     
    තණමල්විල මල් පිපුණත් තහනම් නීතියට
    ඒ සේරම මල් වල ඇති සුවඳ සිදාදියට
    ඒ මල්විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනියට
    සිත් මල ලංකරන්නෙපා ඇවිලෙන පාපයට

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS