සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
Suwanda Dena Mal Wane
  • Lenght : 04:00

  • Song

    සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා ගී පද / Suwanda Dena Mal Wane Lyrics

    සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
    කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
    ඔබේ ළමැදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා
    සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
    කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
     
    මේ නුරා සැඳෑ කලේ සෝ සුසුම් හෙලා
    ඈත තාරකා දිහා නිල් නුවන් යොමා
    ඒ ඔබේ සුපෙම්වතා ඒවිදෝ බලා
    නෑ පලේ තැවී හඬා වේදනා දරා
    වේදනා දරා
     
    සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
    කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
     
    මේ ලොවේ දිනූ අපේ ජීවිතේ කෙටියි
    කාලයේ රහස් වසා ජීවිතේ ගලයි
    මේ කුළුත් පියා සලා කුළින් කුළේ රැඳෙයි
    ආදරේ අමා හැඟුම් මා සිතේ නැගෙයි
    මා සිතේ නැගෙයි
     
    සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
    කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
    ඔබේ ළමැදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා
    සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
    කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS