සිතින් විතරක්.. පෙම් කරන්නම්
Sithin Witharak Pem Karannam
  • Category : Music Video
  • Lenght : 05:13

  • Song

    සිතින් විතරක්.. පෙම් කරන්නම් ගී පද / Sithin Witharak Pem Karannam Lyrics

    සිතින් විතරක්‌ පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්
    ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
     
    නිසල නෙතින් ඔබ මදෙස බලා හිදී
    දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
    දෙනෙත් ඔබවෙත පාකරනු බෑ දෙතොල් සිනහා මවනු මට බෑ
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
     
    සසල උනත් මගේ සිතුවිලි ඔබ ලග
    නිසල කරන් මම ඉන්නම් සැම දින
    කාත් කවුරුවත් නොමැති මා හට ඔබත් අහිමිව ගියපු අරුමය
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS