සිහිනයකී
Sihinayaki
  • Category : Music Video

  • Song

    සිහිනයකී ගී පද / Sihinayaki Lyrics

    නුඹ ගැන හිතෙන තරම්
    මතකෙට නැගෙන තරම්
    මේ ඇස් කඳුළු වලට හුරු වෙලා අද
    මම පෙම් කරපු තරම්
    මට පෙම් කෙරුවා නම්
    ඔය ඇස් අහක බලාගත්තෙ කොහොමද
     
    ලොවේ නෑ - වෙන කවුරුත් උන්නේ
    නුඹ වාගේ මැවුනේ
    මට නම් කිසි දවසේ
     
    සිහිනයකී - නුඹ හැමදාමත් හිත සැරසූ
    තුරුලේ දැවටී මා සැනසූ
    පුදුමයකී - මට කවදාවත් නොරිදවපූ
    නුඹගේ හිත ඇයි දැන් අමුතූ
     
    අහිංසක හිනාවේ - නුඹගේ ම බැල්මේ
    හිත නතර වුනෙ අතැර යන්නට නොවේ
    පුරුද්ද මත සසරේ - අපි අපිට ආයේ
    මුණගැහුන බව දැනුන මා රැවටුනේ
     
    වසන්තය නිමාවේ - යලි යලි උදාවේ
    ඔය හිතට නව හීන එලෙසින් ලැබේ
    නුඹෙන් බිඳුණ මාගේ - මේ හිතට ආයේ
    සුව ගේන ඔසු කුමට ඉමි තනිකමේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS