සිහින අහසේ වසන්තේ
Sihina Ahase Wasanthe
  • Category : Film Song
  • Year : 1978

  • Song

    සිහින අහසේ වසන්තේ ගී පද / Sihina Ahase Wasanthe Lyrics

    සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා
    රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ
    තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා
    රොන් රස ඉල්ලා මල් හැඟුම්
    සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා
    මග එළි මවනා තරුකැන් හමුවේ තනිවූ කතර ඉමේ
    ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් ඇසේ
    බිඟු නද පාවේ ඔබ හඬ වාගේ සවනේ රැව්දේ
    සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා
    රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ
    සිහිලැල් පවනේ ගී හඬ විසිරී මතකය ඈත රැඳේ
    මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි
    දෙවියන් ඔබවේ පුදදෙම් සැමදා මහද ප්රණාමේ
    සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා
    රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ
    තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා
    රොන් රස ඉල්ලා මල් හැඟුම්
    සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS