ශිල්ප අරන් එන්න කියා
Shilpa Aran Enta Kiya

Song

ශිල්ප අරන් එන්න කියා ගී පද / Shilpa Aran Enta Kiya Lyrics

ශිල්ප අරන්...
එන්න කියා
ගියාට දීපන්කරේ
උබ ඉන්න හිටින තැනක් නැතුව ඇවිදිනවාද මල්ලියේ
 
මන්දිර වාසල් හැදුවත් ඉහට ඉහල පන්තියේ
අපි උපන් ගෙදර තවමත් අතු පැලමයි අයියණ්ඩියේ...
 
ලඹ කැටේ අරන්...
මන් ගියාට දවස ගානේ ගම්ගොඩේ
මලේ තවම එදා වගෙම ඇදයි අපේ ජීවිතේ
 
මට එවන එවන හැම සතේම ඉතුරු වෙලා මගේ හිතේ
අතේ පිරුණු කර ගැට වල
පවු අරින්න අයියාගේ
පවු අරින්න අයියාගේ
 
ශිල්ප අරන්...
එන්න කියා
ගියාට දීපන්කරේ
උබ ඉන්න හිටින තැනක් නැතුව ඇවිදිනවාද මල්ලියේ
මන්දිර වාසල් හැදුවත් ඉහට ඉහල පන්තියේ
 
අපි උපන් ගෙදර තවමත් අතු පැලමයි අයියණ්ඩියේ...
 
මගේ හිත ගිය තැන...
හදාගන්න බැරි උනාට මාලිගේ
හිතට දුකක් නෑ මට උබ ඉගෙන ගනින් මල්ලියේ
 
අප හෙලූ කඳුලු එකතු වෙලා
නොපිරුනාට සාගරේ
වැවක් වෙලා ගිම් නිවාවි
කවදා හරි මේ බිමේ
 
කවදා හරි මේ බිමේ
වැවක් වෙලා ගිම් නිවාවි
කවදා හරි මේ බිමේ
කවදා හරි මේ බිමේ
වැවක් වෙලා ගිම් නිවාවි
කවදා හරි මේ බිමේ
කවදා හරි මේ බිමේ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS