ශාන්තිනි තෙමා වැටෙයි නළල කුංකුමම්
Shanthini Thema Watei
  • Lenght : 03:33

  • Lyrics

    Rathna
    Sri
    Song

    ශාන්තිනි තෙමා වැටෙයි නළල කුංකුමම් ගී පද / Shanthini Thema Watei Lyrics

    ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
    කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
    පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
    ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං //
     
    කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
    නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
    බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
    බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්
     
    ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
    කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
    පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
    ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං
     
    සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න
    මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
    තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
    මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න
     
    ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
    කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
    පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
    ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS