සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
Seegiri Geeyak Obe Hadawathe
  • Lenght : 04:27

  • Song

    සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද ගී පද / Seegiri Geeyak Obe Hadawathe Lyrics

    ගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
    සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද
    රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
    මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද
     
    සුළං රැලක් සේ පාවි ආවත්
    සුළං රැලක් සේ ආපසු යන්නට බෑ
    සුසුම් පොදක් වී රහසේ වැදුනත්
    තවත් ඉතින් මට රහසේ ඉන්නට බෑ //
     
    සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
    සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද
    රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
    මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද
     
    ජිවිතයේ නව සුවඳ සදා දෙන සැමදා
    ඔබවන් සුවඳක් කිසි මල් උයනක නෑ
    මේ දිගු ගමනේ විඩා නිවා සිත නිවනා
    ඔබවන් සිසිලක් හිමගත අරණක නෑ //
     
    සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
    සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද
    රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
    මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS