සපුමල් සුවඳක් සේ.. සීතල රෑ යාමේ
Sapumal Suwandak Se Seethala Re Yame
  • Lenght : 03:20

  • Lyrics

    Daya
    De
    Song

    සපුමල් සුවඳක් සේ.. සීතල රෑ යාමේ ගී පද / Sapumal Suwandak Se Seethala Re Yame Lyrics

    සපු මල් සුවඳක් සේ.....සීතල රෑ යාමේ.......
    හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
    කිසිවකු නෑ දුටුවේ......
    සපු මල් සුවඳක් සේ......
     
    හැන්දෑ වළාකුලේ......අටවක හඳ මඩලේ.....
    මේ හැම තැන ඔබ සැඟවී සිටියා.....
    මා පමණයි දුටුවේ......
    සපු මල් සුවඳක් සේ......
     
    ලොව නිදි අඳුරු පැයේ.....සීපදයක් වැන්නේ....
    සවනත සනහා මා ළඟ උන්නා....
    රැය පමණයි දුටුවේ .... 
    සපු මල් සුවඳක් සේ......
     
    සපු මල් සුවඳක් සේ.....යළි නෑ හැර යන්නේ.....
    මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා....
    ඇයි මුළු ලොව දුටුවේ......
     
    සපු මල් සුවඳක් සේ......සීතල රෑ යාමේ......
    හද කුටියට ඔබ හෙමිහිට වැඩියා.....
    කිසිවකු නෑ දුටුවේ......
    සපු මල් සුවඳක් සේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS