සඳුන් කපුරු සුළං රොදේ පිරුවට හැඳලා
Sandun Kapuru Sulan Rode
  • Lenght : 03:36

  • Song

    සඳුන් කපුරු සුළං රොදේ පිරුවට හැඳලා ගී පද / Sandun Kapuru Sulan Rode Lyrics

    සඳුන් කපුරු සුළං රොදේ පිරුවට ඇඳලා
    පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා
    යැදුම් හඬින් කම්පිත වී දිව නෙත් වැසිලා
    කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා
     
    කිලිටි දෙපා ගැටුනු බිමේ කහ දිය ඉසලා
    රන් කහවණු පිදවුම් තටු සිරස තබාලා
    සකල දෝස නිවාලන්න යාදිනි ගැයෙනා
    කලියුගයේ අරුමය මැද දෙවොල හිස් වෙලා
     
    මුසා වදන් සිත පත්ලේ සගවා දෙවියන් හමුවේ
    මුසා වදන් සිත පත්ලේ සගවා දෙවියන් හමුවේ
    ඉසුරු පතා යාදින්නේ..
    මිනිසා කොයිබද යන්නේ..
     
    සඳුන් කපුරු සුළං රොදේ පිරුවට ඇඳලා
    පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා
    යැදුම් හඬින් කම්පිත වී දිව නෙත් වැසිලා
    කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා
     
    සිලෝ ගීත දෙවියන්ගේ පහන් සිතට ලන් වෙන්නෙ
    සිලෝ ගීත දෙවියන්ගේ පහන් සිතට ලන් වෙන්නෙ
    යාදිනි කිම වැලපිල්ලෙ
    සිතමයි දෙවොලක් වන්නේ
     
    සඳුන් කපුරු සුළං රොදේ පිරුවට ඇඳලා
    පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා
    යැදුම් හඬින් කම්පිත වී දිව නෙත් වැසිලා
    කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා
     
    කිලිටි දෙපා ගැටුනු බිමේ කහ දිය ඉසලා
    රන් කහවණු පිදවුම් තටු සිරස තබාලා
    සකල දෝස නිවාලන්න යාදිනි ගැයෙනා
    කලියුගයේ අරුමය මැද දෙවොල හිස් වෙලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS