සඳ තරු මල්.. මට දන් දුන්
Sanda Tharu Mal Mata Dan Dun
  • Lenght : 04:34

  • Song

    සඳ තරු මල්.. මට දන් දුන් ගී පද / Sanda Tharu Mal Mata Dan Dun Lyrics

    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙදවන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලාගන්
    දායාද එයයි මගේ දෝණිට
    අප දෙන්නාගේ
     
    ගණ දෙවිඳුන් මට දන් දුන්
    මගේ නුවණ නුඹ අරගන්
    පතිනි මවුන් මට රැකදුන්
    පතිනි බලය නුඹ අරගන්
    දායාද එයයි මගේ දෝණිට
    අප දෙන්නාගේ
     
    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙදවන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලාගන්
    දායාද එයයි මගේ දෝණිට
    අප දෙන්නාගේ
     
    ඇල දොල ගං මට දන් දුන්
    හදේ සිසිල නුඹ අරගන්
    මහ වන විල් මට දන් දුන්
    හිතේ සුවඳ නුඹ අරගන්
    දායාද එයයි මගේ දෝණිට
    අප දෙන්නාගේ
     
    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙදවන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලාගන්
    දායාද එයයි මගේ දෝණිට
    අප දෙන්නාගේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS